මගේ රට




Picture

මගේ රට ශ්‍රී ලංකාවයි.
එහි අගනුවර ශ්‍රී ජයවර්ධනපුරයයි.
එය ඝර්ම කලාපීය රටකි.
එය ඉන්දියන් සා
රයෙන් වටවූ දූපතකි.

එබැවින් එයට ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන නම යෙදී ඇත.
ශ්‍රී ලංකාව නිදහස් රටක් බවට පත්වුනේ 14/2/1948 දීය.
එහි පළමු අගමැති - ඩී.ඇස්.සේනානායක මැතිතුමාය.
එහි පළමු ජනාධිපති - විළියම් ගොපල්ලව මැතිතුමාය.
ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගස ය .
ජාතික පුෂ්පය නිල් මහනෙල් මල ය.
ජාතික පක්ෂියා වලි කුකුළා ය.


 ශ්‍රී ලංකාවේ ජාතික පද්ධති.

ජාතික ගස

 

Na Tree Sri Lanka


උද්භිද විද්‍යාත්මකව “මෙසුආ නාගසාරියම්” ලෙස හැඳින්වෙන අයන්වුඩ් (නා ගස) 1986 පෙබරවාරි 26 වන දින ජාතික ගස ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එය හේතු කිහිපයක් නිසා ජාතික ගස ලෙස තෝරා ගන්නා ලදී.




ජාතික පුෂ්පය

 


නිල් මැනෙල් හෝ බ්ලූ වෝටර් ලිලී හෝ නිම්ෆියා ස්ටෙලාටා 1986 පෙබරවාරි මාසයේදී නිල් වතුර ලිලී ජාතික මල ලෙස තෝරා ගන්නා ලදී. ශ්‍රී ලංකාවේ සියලුම කොටස් සොයාගෙන නොගැඹුරු ජලයේ වැඩෙයි.



ජාතික කුරුල්ලා

 


වලි කුකුල හෝ ලංකාවේ කැලෑ කුරුල්ලා හෝ ගැලස් ලෆයෙට්ටි කැලෑ කුරුල්ලා ශ්‍රී ලංකාවේ ජාතික කුරුල්ලා ජාතික උද්‍යාන හා වනාන්තරවල බහුලව දක්නට ලැබේ.


 ආසියාවේ සුන්දර රාජධානිය.

ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය ඔබට ආස්වාදයක් ලබා දේවා.





















නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන........ අංක 01


ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු තීරය කියන්නේ..... නැගෙනහිර මුහුදු තීරයේ ආරම්භය නිලාවැලි තීරයෙන් තමයි පටන් ගන්නේ.... අවසානය ආරුගම්බේ එහෙමත් නැත්නම් පොතුවිල්, පානම මුහුදු තීරයෙන් තමයි නිල වශයෙන් අවසන් වෙන්නේ.... මේ මුහුදු තීරය ගැන.. මෙයට ලස්සන මුහුදු තීර මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන, රක්ෂිත වනාන්තර ආදී සියල්ල ඇතුලත්... 

මේ චාරිකාව අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ ත්‍රීකුණාමලයට උතුරින් පිහිටි කෝකිලායි කලපුවෙන්.. එතැන් පටන් කුච්චුවේලි, නිලාවැලි, උප්පුවේලි, ත්‍රීකුණාමලය, කදිරවේලි, වාකරේ, පාසිකුඩා, කල්කුඩා, මඩකලපුව, අක්කරේපත්තු, පොතුවිල්, පානම, හරහා ගොසින් කුමන රක්ෂිත වනාන්තරයෙන් එහෙමත් නැත්නම් කුමන කුරුළු පාරාදීසයෙන් අවසන් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ..... 

එහෙනම් පළමු වෙනි ලිපියෙන් අපි කෝකිලායි කලපුවේ ඉදන් දකුණට එමු... ඒ A15 මාර්ගය දිගේ.. අලිමංකඩින් පටන් ගන්න මේ A15 මාර්ගය අවසන් වෙන්නේ ත්‍රීකුණාමලය හරහා මඩකලපුවට ගිහින්... සමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ මඩකලපුව යාපනේ මාර්ගය කියලයි.... ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ මාර්ගය දිගේ කෝකිලායි සිට ත්‍රීකුණාමලයට එන්න....

කෝකිලායි කලපුව.. ලස්සන කුරුළු අභය භූමියක්.. තිස් වසරක් පැවති දරුණු යුද්ධමය වාතාවරණයෙන් මිදිලා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා... කෝකිලායි කළපුවේ තියෙන විශේශත්වය තමයි මහ මුහුද අද්දර තියෙන රූස්ස ගස්... විවිධ වන සතුන්ද සිටිනවායැයි කීවත් යුද්ධයෙන් පසු ඒ ගැන ලොකු විස්තරයක් දකින්න හමුවෙලා නෑ.. නමුත් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති සතුන් විශෙශයක් වන තිත් හොට පැස්තුඩුවන් නම් හොඳින් දැක බලාගන්න පුළුවනි... අවසනාවකට මේ සුංදර කෝකිලායි කලපුව ඉතා දැඩි පරිසර දූෂන අවධානමකට ලක් වී ඇති බවත් කිව යුතුයි....
මඟ දිගට හමුවන ලූණු වගාබිම්..

කෝකිලායි කළපුව පහුකරලා අපි එන්න ඕන පුල්මුඩේට..    මෙය ගොඩ බිමින් යනවානම් ඉතා ගොඩාක් වෙලා යන වැඩක්.. නමුත් මුහුදින් එනවානම් පොඩි කාලයක් ගත කරලා ආවහැකි.. පුල්මුඩේ තමයි ලංකාවේ ඛණිජ වැලි සමාගම තියෙන්නේ... පුල්මුඩේ අවට තියෙන රළු ඛණිජ වැලි එකතු කරමින් ඒවා පිරිපහදු කර ඉල්මනයිට් මොනසයිට් වැනි ඛණිජ නිශ්පාදනය කරමින් හා අපනයනය කරමින් සැලකිය යුතු විදේශ විනිමයක් අපේ රටට ගේනවා....


දිඟු හා පලල සුංදර නිලාවැලි වෙරල..
වෙරළ තීරය දිගේ පහලට එන අපට විඩා නිවීම සඳහා  මුණ ගැහෙන ඊලඟ වෙරල තීරය තමයි කුච්චුවේලි කියන්නේ.... එය පහුකරණ අපට මුණ ගැහෙන්නේ ලංකවේ මුහුදු තීරයන් අතරින් ඉතා සුංදරම මුහුදු තීරයක් වන නිලාවැලි මුහුදු තීරය.... නිලාවැලි මුහුදු තීරය කියන්නේ ශ්‍රී ලංකාව සතු පළලින් වැඩිම වගේම අලංකාරයෙන් අග තැන්පත් මුහුදු වෙරල තීරයක්.... ඒ වෙරලට නිල් පාටින් බබලන නිසළ මහ මුහුද  ගේන්නේ ඉතාම සොඳුරු අලංකාරයක්... නොගැඹුරු හා භයානක නැති මුහුදේ කිලෝමීටරයක් තරම් ඈතට ඇවිදගෙන යන්නට පුළුවන් වීම නිසා සංචාරකයන් මේ වෙරළ තීරයට සහ මුහුදු තීරයට දක්වන්නේ අසීමිත කැමැත්තක්... වෙරලේ සිට කිලෝ මීටර පහක් පමණ ඈතින් පිහිටා තිබෙන පරෙවි දූපතද ඉතා මනරම් ස්තානයක්.. බෝට්ටුවකින් ගමන් කළ හැකි අතර දිනය පුරාම විනෝද වන්නට මෙන්ම කුරුල්ලන් නරඹන්නටද මේ දූපත ඉතා සොඳුරු ස්ථානයක්... 


ඈතින් දිස්වෙන පරවි දූපත
නිලාවැලි මුහුදු තීරයෙන් පිටත් වී දකුණට ඇදෙන ඔබට ඒ සමානම මුහුදු තීරයක් තමයි ඇහැ ගැටෙන්නේ.. ඒ උප්පුවේලි මුහුදු තීරයයි... රාත්‍රිය ගත කරන්න නිලාවැලි සේම උප්පුවේලි මුහුදු තීරයත් පරාදීසයක්.. අනතුරුව ඔබ පිවිසෙන්නේ ත්‍රීකුණාමලය නගරයට.. සංචාරකයින්ට තෝතැන්නක් වෙන ත්‍රීකුණමල නගරයට ආසන්නම වෙරළ තීරය තමයි පළිඟු වෙරල තීරයත් ඉතා සොඳුරු වෙරල තීරයක්... එආ ආසන්නයේ නවාතැන් ගැනීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔබට පහසුකම් සායලා තියෙනවා....

දැන් ඔබ ඉන්නේ සුන්දර ත්‍රීකුණාමලය නගරයේ...... ඉතින් නින්දක් දාගෙන තව මොනවාහරි කරනවනම් යාළුවොත් එක්ක ඒවත් කරලා විවේක ගන්නකෝ... අපි යමු ඊලඟ ලිපියෙන් ත්‍රීකුණාමලය නගරය වටේ...
උප්පුවේලි මුහුදේ විනෝද වන සංචාරකයෝ...


යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න... 2


යාල ජාතික වනෝද්‍යානය ගැන ලියැවෙන කථා මාලාවේ තුන්වැන්න තමයි මේ.. දෙවෙනි ලිපියෙන් අපි කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන ගමන ගැන... එම ගමනේ දෙවෙනි පියවර ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ... ගියවර ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන මාර්ගය, පේවීම ගැන... අද පූජාව සැකසීම, පූජාව පිදීම හා ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන කතා කරමු... එහෙමනම් කෙලින්ම කථාවට යමු...

පූජාව සැකසීම

අපි මුලින්ම කථා කරමු පූජාව සැකසීම ගැන.... ශ්‍රී ලංකාව පුරා තිබෙන පූජනීය ස්ථානවල පූජාව හදන ක්‍රමයට වඩා ගොඩාක් වෙනස් මෙහි පූජාව.. අපේ සිත්වල භක්තිය උපරිම කරමින් පූජාව සැකසෙන ක්‍රමයක් තමයි තියෙන්නේ.... මේ පිළිබඳව හසල දැනුමක් තියෙන වන සත්ව නියාමක මධුශාන් මහත්තයා තමයි අපව මේ පිළිබඳව දැනුවත් කලේ...  මුළින්ම අපි කලේ කුඹුක්කන් ඔය අයිනට ගොසින් වලවල් හතක් හාරපු එක... හැම වලක්ම අතින් හෑරීම වැදගත්... ඉන් පසු කොල අතු ගෙනත් ඉහලින් කොල රොඩු නොවැටෙන්න ඒවා වහපු එක... එහෙම කරන්න හේහුව වෙන්නේ පූජාව සඳහා පිරිසිදුම ජලය ලබා ගන්න එක.. ඉන් පසුව අපි කුඹුක්කන් ඔයෙන් නා පිරිසින්දු වුනා.. ඊලඟට පෑඅ කාරිය උනේ දේව පූජාව සකසන එක... ගොඩාක් අය දන්නවා ඇති කතරගම දෙවියන් සඳහා පිළියෙල කරන පැණි බත... එහෙම නැත්නම් අපි හඳුන්වන්නේ මුරුතැන් බත කියන එක... එය සැකසීම තමයි අපි දැන් කරන්න යන්නේ.... ලිප් ගල් තුනක් එකට තබා ඊට උඩින් උඩු වියන් බැඳ තමයි මේ කටයුත්ත කරන්නේ.. අපේ කෙළ පොදක්වත් මේ අහාර වලට මිශ්‍ර වීම වැලැක්වීම සඳහා මුඛ්හවාඩම් බැදීමක්ද කෙරෙනවා... සීනි, හකුරු, මුන්, මුද්දරප්පලම් එකතු වුන ඉතා ප්‍රණීත රසැති බතක් තමයි මේ පැණි බත කියන්නේ... මේ ආකරයට පිළියෙල කර ගත්ත පැණි බත අපි පිරිසිදුව පාත්තර වලට බෙදා වසා සකසා ගන්නවා... 

ඉන් අනතුරුව තමයි අපි පූජා වට්ටිය සකසන්නේ.... පළතුරු 9ක් හෝ 12ක් ලෙස තමයි මේ වට්ටිය සැකසෙන්නේ.. එයත් මුඛවාඩම් දමාගෙන තමයි අපි සැකසුවේ.. මේ පිංතූර වලින් ඔබ දකින්නේ එයයි... වට්ටිය මත පිළිවෙලට බුළත් කොළ ඇතිරා ඒ මත කහ වතුරින් සෝදාගත් පළතුරු තැබීමත්, ඒ මත හඳුන්කූරු, කපුරු ආදිය මෙන්ම පඬුරුද තැබීමයි කරන්නේ... අපි දැන් පූජාව පිදීම ගැන කථා කරමු...

පූජාව පිදීම

පූජාව සැකසීම අවසන් වුනාට පස්සේ අපි නැවතත් කුඹුක්කන් ඔයෙන් නා ගෙන පිරිසිදු වී සුදු ඇදුමින් සැරසුනා... පිරිමි අයට මේ සඳහා සුදුසු සුදු පැහැ සරමක්... කාන්තාවන් වැඩිය මෙහි ගමන් නොකරතත් (පුරාණයේ නම් මේ බිමට කාන්තාවෝ එන්නෙම නෑ කියලයි කිව්වේ) එනවානම් සුදුසු සුදු පැහැ ඇඳුම්ව් ඇඳීම තමා ගොඩාක් සුදුසු... පිරිමි අයගේ උඩුකයට ඇඳුමක් නැති වුනත් ගැටළුවක් නෑ.... (යාපනය නල්ලූර් කෝවිලට ගිය අයට මේ අත්දැකීම ඇති....) පූජාව සැකසූ ස්ථානයේ සිට මීටර 100ක් වගේ ඈතින් තමයි මේ ඓතිහාසික සියඹලාපේ දේවාලය පිහිටලා තියෙන්නේ... ඉතින් අපි මේ පුද පූජාවන් අරගෙන දේවාලය බලා පිටත් වුනා.. දේවාලයට යෑමට ප්‍රථම සියඹලාපේ ඓතිහාසික බෝධීන් වහන්සේ හම්බෙනවා.... බෞද්ධයින් වශයෙන් අපි එතනට ගොසින් මල් පූජා කර, පහන් හඳුන්කූරු පත්තු කර තෙරුවන් සිහිකරගෙන දේවාලය බලා පිටත් වුනා....

මේ දේවාල භූමිය හරිම අමුතුයි, පය තැබූ සැනින් එන්නේ හරිම නිවිච්ච, ගුප්ත, භක්තිමත් හැඟීමක්.... මෙහි අඳුරු කුටි නැහැ... ආරූඪ වෙන කපු මහත්තුරු නැහැ... නොතේරෙන යාතිකා නැහැ.... පඬුරු පෙට්ටි නැහැ.... එතරම්ම නිස්කලංක දෙවියන් වැඩ සිටිය හැකියැයි අපටම හැගෙන තරමටම සුවදායීඑ භූමියක්... එම දේවාල භූමිය පිරිසිදු කිරීමෙන් අනතුරුව අපි අපේ පුජ්ජවන් තබා පේ ප්‍රාර්ථනා ඉටුකරගැනීමට දෙවියන් සහය යැද්දා.... එහි වැඩ කටයුතු අවසනයේ පසු පසට ගමන් ගත් අපි දේවාලය පෙනෙන නොපෙනෙන මානයේදී හැරිලා නැවත සියඹලාපේ බෝධීන් වහන්සේ වැඳ පුදා එම පූජා භූමියෙන් ඉවතට ආවා.... ඔබට දැන් ගටලුව්ක් ආවා නේද ඇයි අප පසු පසට ගමන් ගත්තේ කියලා.... හිතෙ තිබෙන භක්තිය නිසාත් හා එය චිරාත් කාලයක් පැවතගෙන එන චාරිත්‍රයක් නිසාත් තමයි අපි එහෙම පසු පසට ඇවිදගෙන ආවේ.... 

අපි දැන් පූජාව සැකසීම සහ පිදීම ගැන කිව්වා.... දැන් අපි කියන්නේ මේ දේවාලය හා බැඳුන අපූරු සිදුව්වෙම් දෙක තුනක්... දේවාලය සලම තිබෙන හමුදා සොයුරන් කියපු දේවල් තමයි අපි මේ කියන්න යන්නේ..... අපි විශ්මයට පත් උන සිද්ද වුන පුවත තමයි එක් වන අලියෙක්ගේ ක්‍රියා කලාපය... යුධ හමුදා සොයුරන් ඔහුව හදුන්වන්නේ දේවාලේ අලියා කියලා.. මේ දේවාලේ අලියාගේ ක්‍රියා කලාපය මොකක්ද දන්නවද? සතියකට වරක් හෝ දෙවරක් පැමිණ දේවාල භූමියේ තිබෙන සියළුම අනවශ්‍ය ඉදිකිරීම් කඩා බිඳ දමන එක... එසේ කඩා බිඳ දමා දේවාල භූමිය පෙර තිබූ පරිදිම සකසා තැබීම තමයි මේ රාජකාරිය.. වන සත්ව නියාමක මදුශාන්ගේ අත් දකීම් වලට අනුව පේ නොවී එන අයට බලාපොරොත්තු නොවන කරදර වලට මුහුණ පාන්න සිදුවන බවක් කීවා... කුඹුක්කන් ඔය හා අනෙක් ආරු හදිසියේ පිටාර ගලන්නට පටන් ගැනීම, වනයේ අතරමං වීම වැනි කාරණා ඔහු හුවා දැක් වූවා... 

No comments:

Post a Comment