ළමා කවි




Picture
ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි මේ  කවි කතන්දර වලට



Picture
ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි 



Picture
ජානකී නැන්දේ ,ඔයාට ස්තුතියි 



Picture
තරු පිරිලා- ආකාසේ
මල් පිපිලා-සේ දිලිසේ
මහ පුදුමයි-ලිඳ පතුලෙන්
පොකුරු පොකුරු -තරු බබළයි
මොකද අනේ -තරු පැංචෝ
සීතලේද -වෙව්ලන්නේ


Picture
හඬ මෙන් වීනා-ටිංටිං ගානා
පොඩි ළමයින්ගේ-මිතුරෙකි ලේනා
අතු අග දුවමින්-සෙල්ලම් කරමින්
යන්නේ ලේනා-පලවැල සොයමින්
දරු පැටවුන් පොඩි-කන්න කැමති ගෙඩි
කන්නේ ලේනා-වෙහෙස නැතුව වැඩි


Picture
මෙන්න මේක- රෝස මලක්
රතු පාටයි-මල්ලියේ
ඔක්කොටෝම- වඩා සුවඳ
රෝස මලයි- මල්ලියේ
මී මැස්සා-පියඹන්නේ

රෝස මලට-මල්ලියේ.


Picture
දියේ ඉන්න මාළුවෝ-පුංචි අපේ යාළුවෝ
උඩ පැනිල්ල-යට ගිලිල්ල
        හැම තිස්සෙම-ඇති නැටිල්ල
        දියේ ඉන්න මාළුවෝ-පුංචි අපේ යාළුවෝ



Picture පාට සුවඳ එක වගේ
තිබෙන රෝස මල වගේ
කීකරු පොඩි ළමයගේ
කවුරුත් පවසති අගේ


මව්පියන්ට නැමදුමයි
ගුරුවරුන්ට සැලකුමයි
දක්වති  හොඳ පොඩි ළමයි
ඉන් එක ළමයෙක් මමයි.

No comments:

Post a Comment